සිද්ධාර්ත් කාශ්මීර් ගිහින්
‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්රපටය තුළි බොලිවුඩ් සිනමාවට පිවිසි සිද්ධාර්ත් මල්හෝත්රා මේ වනවිට බොලිවුඩයේ සිටින ජනප්රියතම යොවුන් සිනමා නළුවෙකි. මේ දිනවල සිය අලුත්ම චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා ඔහු ඉන්දියාවේ කාශ්මීර් නගරයට ගොස් සිටින බව සඳහන් වේ. සිද්ධාර්ත්ගේ මේ අලුත්ම චිත්රපටය වී ඇත්තේ නිරේජ් පාණ්ඩේ විසින් අධ්යක්ෂණය කරනු ලබන ‘Aiyaary’ චිත්රපටයයි. මිනිමැරුම් අපරාධයක් වටා දිව යන කතා පුවතක් රැගත් මෙම චිත්රපටයේ සිද්ධාර්ත් හා මනෝජ් බජ්පායි ප්රධාන චරිත නිරූපණය කරති.
මෙම චිත්රපටය ඉන්දියාවේ කාශ්මීර් නගරයේ මෙන්ම එංගලන්තයේ ලන්ඩන් නගරයේදීද රූපගත කර තිබේ.