සිගරට් නිසා පැය දෙකක් නාන ෂාහිඞ් කපූර්
රිදී තිරය ඉදිරිපිට සුවපහසු අසුනක වාඩි වී චිත්‍රපටියක් නරඹද්දී එම දර්ශන ර`ග පාන්නට නළුනිළියන් මොන තරම් කැප වෙන්නට ඇද්දැයි හැ`ගීමක්වත් අප තුළ ඇති වන්නේ නැත. අප කරන්නේ ඔවුන්ගේ දක්ෂකම් අගය කිරීම පමණකි. ඔවුන්ගේ කැප වීමේ ප්‍රමාණය දන්නේ නම් ඔවුන් චිත්‍රපටියක් ස`දහා කෝටි ගණන් අය කිරීම අසාධාරණයයි අපට සිතෙන්නේ නැත.
මේ දිනවල ෂාහිඞ් කපූර් ර`ග පාන්නේ කබීර් සිං නම් වූ මතට ඇබ්බැහි වූ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ චරිතයකි. මෙහි එක් කොටසක ඔහු ර`ග පාන්නේ විශ්ව විද්‍යාල සිසුවෙකු ලෙසිනි. ඒ වෙනුවෙන් කිලෝ ග්‍රෑම් 14කින් බර අඩු කර ගන්නට මේ 38 හැවිරිදි නළුවාට සිදු වූයේය.
සිය පෙම්වතිය වෙන අයෙකු සම`ග විවාහ වීම නිසා සිත් වේදනාවට පත්ව මතට ඇබ්බැහි වන වෛද්‍යවරයාගේ චරිතය වෙනුවෙන් සිගරට් හා බීඩි පානය කරන්නට ද කොකේන් දුම අදින බැව් මවා පාන්නට ද ඔහුට සිදු වූයේය.
‘‘මම සිගරට් බොන්නෙ නෑ.. ඒත් චරිතයට වුවමනා නිසා බොන බව පෙන්නන්න මට සිද්ද වුණා.. ඒත් ඉතින් දුම් ග`ද යන්නෙ නෑනෙ.. සමහර දවස්වල සිගරට් 20ක් විතර භාවිතා කරන්න සිද්ද වුණා.. මේ දුම් ග`ද අයින් කරන්න පැය දෙකක් විතර නාන්න මට සිද්ද වෙනවා.. මම ගෙදර ගිහින් දරුවෝ වඩා ගන්නෙ ඊට පස්සෙ තමයි..’’ ඔහු කියන්නේය.
අවුරුදු දෙකක් වයසැති මීෂා සහ මාස හතක් වයසැති සෙයින් වෙනුවෙන් ඔහු ඒ තරමටම සැළකිලිමත් වෙන්නේය.
මෙය අර්ජුන් රෙඞ්ඩි නම් තෙලි`ගු චිත්‍රපටියේ හින්දි නිෂ්පාදනයයි.