'සික්රට් සුපර්ස්ටාර්' චිත්රපටයත් කෝටි 1000ක උපයයි
එදා මෙදා තුර තිරගත වූ බොලිවුඩ් චිත්රපට අතරින් වැඩිම ආදායමක් උපයාගත් චිත්රපට අතර දෙවැනි තැන දිනා ගැනීමට අම්ර් ඛාන් නිෂ්පාදනය කළ ‘සික්රට් සුපර්ස්ටාර්’ චිත්රපටය සමත්ව ඇත. ඉන්දියාවේදී ඉන්දීය රුපියල් කෝට් 97ක ආදායමක් උපයාගත් මෙම චිත්රපටය විදෙස් රටවල තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 950කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්විය.
මෙය අමිර් ඛාන් රඟපෑ ‘දංගල්’ චිත්රපටයට පසුව බොලිවුඩ් චිත්රපටයක් විසින් උපයාගත් ඉහළම මුදල වේ. වාර්තා වන අන්දමට මෙම චිත්රපටය දැනට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 1001ක මුදලකි. මින් වැඩි මුදලක් මෙම චිත්රපටය උපයාගෙන ඇත්තේ චිනයේ හා තායිලන්තයේ ප්රදර්ශනය වීමෙන් බව වාර්තා වේ.