සිංදු කියන ළමා නිළිය Elle Fanning
හොලිවුඩයේ දිනෙන් දින නළු නිළියන් පිළිබඳව විවිධ වූ පුවත් මැවෙනු ඇත. ඒ ආකාරයෙන් බොහෝ දෙනා පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි. කෙසේවුවත් ළමා නිලියක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්ව සිටි Elle Fanning පසුගියදා සිට නැවතත් ඇය ගැන කතාකිරීමට යොමු වුණා. රංගන ශිල්පිනියක් වෙල දක්ෂතා පෙන්නූ ඇය දක්ෂ ගායිකාවක් ලෙසද පසුගියදා සනාථ කරනු ලැබුවා. ඒ ඇය සාදයක් සඳහා තම මිතුරන් සමග Miu Miu නම් සමාජ ශාලාව සඳහා එකතු වූ සිටින අවස්තාවක ඇයගේ මිතුරයක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ ගීතයක් ගනු ලැබුවා. මේ සිදුවීම මේවනවිට සමාජ වෙබ් අඩවි වල සීඝ්රයෙන් ව්‍යාප්ත වන පුවතක් බව පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඉදිරියේදී ඇය එක් චිත්‍රපටයක් සඳහා ගායනයෙන්ද දායක වන බව කියයි.
මේ වනවිට 19 වැනි වියේ පසුවන ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ ළමා රංගන ශිල්පිනියක් ලෙසයි. ඒ 2001 වර්ෂයේදී තිරගත වූ I Am Sam නම් චිත්‍රපටය ඔස්සේය. එතැන් පටන් ඇයගේ සිනමා දිවිය පිළිබඳව බොහෝ දේ කතාකිරීමට තිබේ. Elle Fanning ව බොහෝ දෙනා මතකයට ගොඩ නැගෙන්නේ 2014 වර්ෂයේදී තිරගතවූ චිත්‍රපටයක් නිසා බව කිවයුතුයි. Maleficent චිත්‍රපටයේ ඇන්ජලිනා ජොලි සමග ඇය රංගනයෙන් දායක වීමත් සමගින් ඇය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයටපත් චරිතයක් විය.
ඇයගේ දෙවැනි චිත්‍රපටය ලෙස 2003 වර්ෂයේ තිරගත වූ Daddy Day Care චිත්‍රපටය සඳහා දායක විය. ඉන්පසු 2004 වර්ෂයේදී The Door in the Floor නම් චිත්‍රපටය සඳහා දායක විය. ඇයට මුල්කාලය තුළදී වසරකට එක් චිත්‍රපටයක් සඳහායි අවස්ථාව උදාවුනේ. ඒ ආකාරයෙන් සිනමා දිවිය තුළ අඩිතාලමක් සාදාගත් ඇය මේ වනවිට ක්ෂේත්රය තුළ සම්මාන ලාභී නිළියක් වී හමාරය. 2005 වර්ෂයේ සිට ඇය එක් වසරකට චිත්‍රපට 03 බැගින් දායකත්වය ලබා දී තිබේ. මේ අතරින් ඇතැම් චිත්‍රපටය ආදායම් වාර්තා අතරටද පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2005 වර්ෂයේ සිට 2016 දක්වා ඇය චිත්‍රපටය 36කට ආසන්න ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දී තිබේ. 2017 වර්ෂයේදී ඇය චිත්‍රපට 4ක් සඳහා දායක වී තිබේ. එයින් චිත්‍රපටය දෙකක් මේ වනවිට එළිදක්වා තිබෙ. තවත් චිත්‍රපට දෙකක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
සිනමා දිවිය මෙන්ම පුංචි තිරය තුළ දස්කම් පෑ අයෙකි. 2002 සිට 2007 දක්වා ඇය ටෙලි නිර්මාණයන් සඳහා දායකත්වය ලබා දී තිබේ. 2007 වසරෙන් පසු ඇය පුංචි තිරයට තාවකාලිව සමුදෙන ලදී. ඇය නැවත පුංචි තිරය සම්බන්ධ වෙන්නේ HitRecord on TV නම් වැඩසටහන සඳහාය ඒ 2014 වර්ෂයේදීය. එම වැඩසටහනෙන් පසුව ඇය පුංචිතිරය සඳහා සමුදුනි. ඇයගේ ජීවිතයේ පළමු ජයග්‍රහණය ලෙස Actress of the Year Award සම්මානය හිමිකර ගනු ලැබීය. ඉන්පසු ඇය Hollywood Film Festival හිදී Spotlight Award සම්මානය දිනා ගන්නා ලදී. මේ ආකාරයෙන් ඇය තම රංගන ක්ෂේත්රය තුල ඉහල ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව උදා විය. 2018 වර්ෂයේදි ඇය චිත්‍රපට 3ක් සඳහා දායක වීමට නියමිතය. තමන්ගේ රංගන දිවිය තුලින් බොහෝ ජයක් ලබා ගැනීමට ඇය අවස්ථා හිමිකරගත්තාය. රංගනයට මෙන්ම හඬකැවීම් අතින්ද ඇය චිත්‍රපට කිහිපයක් සඳහා දායක වී තිබේ. තමන්ගේ දක්ෂතාව තුළින් බොහෝ ජයක් ලබා ගැනීමට ඇයගේ අරඹුණ බවත් ඇය පවසයි.