සැබෑ පෙම්වතුන් එකම චිත්රපටයක
කාලයක සිට සිනමා පෙම්වතුන් බවට පත්ව සිටි ආලියා භාට් හා සිද්ධාර්ත් මල්හෝත්රා මේ වනවිට සැබෑ ජීවිතේද පෙම්වතුන් බවට පත්ව සිටිති. ඔවුන් යොදා දැනට චිත්රපට කිහිපයක්ම නිර්මාණය කරන්නට නිෂ්පාදකවරු කැමැත්ත පළ කර ඇති අතර, අතිශය ජනප්රිය වූ ‘ආශික්යු’ චිත්රපට මාලාවේ තුන්වැන්න සඳහාද ඔවුන් දෙදෙනා මේ වනවිට තෝරාගෙන ඇත.
පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකම වාර්තා වී තිබුණේ සිද්ධාර්ත් හා ආලියා යොදා 1991 වසරේ තිරගත වූ වික්රම් භාට්ගේ ‘සඩක්’ චිත්රපටයේ අනු නිර්මාණය සඳහාද මොවුන් දෙදෙනා යොදා ගැනීමට සූදානමක් පවතින බවය. ‘සඩක්’ පළමු චිත්රපටය සඳහා ආලියාගේ වැඩිමහල් සහෝදරිය වන පූජා භාට් හා සංජේ දත් දෙදෙනා රංගනයෙන් දායකව සිටියහ.