සැප්තැම්බරයේදී මවක් වන ඇමි
පසුගිය මැයි 06 වැනිදා එංගලන්තයේ ලන්ඩන්හි බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් සමගින් විවාහ ගිවිසගත් ඉන්දීය සිනමා නිළි ඇමි ජැක්සන් මේ වනවිට සිය පළමු දරු ප්‍රසුතිය සඳහා සූදානමින් සිටියි. ඇයට සිය පළමු දරුවා ලැබීම දින නියම වී ඇත්තේ සැප්තැම්බර් මාසයේදී බව සඳහන් වේ.
පසුගිය සති අන්තයේදී ඇය සිය ‘ටිවිටර්’ ගිණුමට අලුත්ම ඡායාරූපයක් එක් කොට තිබුණ අතර, ඊට සටහනක්ද මෙසේ එක් කොට තිබුණි. මවක් වීම තමන්ට අලුත් අත්දැකිමක් ගෙන දෙන බවයි. ඇමි අවසන් වරට ඉන්දීය ප්‍රේක්ෂකයින්ට ඇයව දකින්නට ලැබුණේ පසුගිය වසරේ තිරගත වූ ශේකර්ගේ ‘2.0’ චිත්‍රපටයේය. එය මේ වනවිටත් ඉන්දීය රුපියල් කෝටි 900කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ.