සාලුගේ ගොවිපොළේ කරපු රූපගත කිරිම
ජනප්රිය සිනමා නළු සල්මාන් ඛාන්ට අයත් පන්වෙල්හි ගොවිපොළේ පසුගියදා රූපගත කළ මියුසික් විඩියෝවක් යූ ටියුබ් හරහා මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබීය. මෙම මියුසික් විඩියෝව ‘තේරා බිනා’ ලෙස නම් කර තිබුණ අතර, සල්මාන් ඛාන් විසින් එම ගීතය ගායනා කර තිබුණි.
රංගනයෙන් සල්මාන් ඛාන් සමගින් ඔහුගේ සමිපතම යෙහෙළියක් වූ ජැකලින් ෆර්නැන්ඩෙස් එක්ව තිබුණ අතර, පද රචනයෙන් සබීර් අහමඩ් හා ගී තනු නිර්මාණයෙන් අජය භාටියා මෙම ගීතයට දායක විය. සල්මාන් හා ජැකලින් දෙදෙනා මෙසේ නිර්මාණයක් සඳහා එක්ව තිබුණේ 2018 වසරේ තිරගත වූ ‘රේස්’ තුන්වැන්නෙන් පසුව බව සඳහන් වේ.