සාරාට චිත්රපට ගොඩක් ලැබිලා
පසුගිය වසරේ තිරගත වූ ‘කේදර්නාත්’ චිත්රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි සාරා අලී ඛාන් මේ දිනවල වඩාත් ජනප්රිය වී ඇත්තේ ඉන්දිය රුපියල් කෝටි 300කට වඩා වැඩි ආදායමක් උපයාගත් රෝහිත් ෂෙට්ටිගේ ‘සිම්බා’ චිත්රපටය තුළිනි. අති සාර්ථක චිත්රපට කිහිපයක රඟපෑ නිසාවෙන් සාරාට මේ වනවිට බොලිවුඩ් චිත්රපට කිහිපයකටම සම්බන්ධ වීමට අවස්ථාව ලැබි තිබේ. ඒ අතර ජනප්රිය චිත්රපට අධ්යක්ෂවරුන් වූ කරන් ජෝහර්, ඉම්ටියාස් අලී හා කබීර් ඛාන්ද සිටියි. පසුගිය සති අන්තයේදී ඉම්ටියාස් අලීගේ අලුත්ම චිත්රපටයක් සඳහාද සාරා තෝරාගෙන ඇති අතර, ඇය එහි ජනප්රිය යොවුන් නළු කාර්තික් ආර්යන් සමගින් රංගනයෙන් දායක වෙයි.