සාරාගේ සාර්ථක පැමිණිම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-01-ent-41

මේ වසරේ බොලිවුඩ් සිනමාවට එකතු වු යොවුන් නළුනිළියන් අතරේ ප්‍රමුඛ තැනක් සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන්ට ලැබේ. ඒ ඇය රංගනයෙන් දායක වූ ‘කේදර්නාත්’ හා ‘සිම්බා’ චිතපට දෙකම අති සාර්ථක වීම හේතුවෙනි.

සාරාගේ ‘කේදර්නාත්’ දෙසැම්බර් 07 වැනිදා ප්‍රදර්ශනය වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 62ක ආදායමක් උපයා ගනීමින් තවමත් තිරගත වෙමින් පවති. රෝහිත් ෂෙට්ටගේ ‘සිම්බා’ දෙසැම්බර් 28 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, එම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල් ඉන්දීය රුපියල් කෝටි 80කි. සාරාගේ පියා මේ වසරේ රංගනයෙන් දායක වූ සියලු බොලිවුඩ් චිත්‍රපට අසාර්ථක වෙද්දි සාරාගේ මෙම චිත්‍රපට අති සාර්ථක වීම විශේෂත්වයකි. එමෙන්ම සිනමා විචාරකයන් පවසන්නේ සාරාගේ බොලිවුඩ් ආගමනයද මේ වනවිට සාර්ථක වී තිබෙන බවය.