සාරාගේ බිකිණියට අයහපත් රසික ප්රතිචාර
පසුගිය සති අන්තයේදී ජනප්රිය යොවුන් නිළි සාරා අලී ඛාන් හා ඔහුගේ බාළ සහෝදරයා වූ ඊබ්ර්හිම් ඛාන් මාලදිවයිනේ නිවාඩුවක් ගත කර ඇත. එහිදී සාරා බිකිණියකින් සැරසි සිය සහෝදරයා සමග ගත් ඡායාරූපයක් ඇයගේ ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා ප්රසිද්ධ කර ඇත.
පැය කිහිපයක් ගෙවෙද්දි මිලියන හතරකට ආසන්න පිරිසක් එම ඡායාරූප නරඹා තිබුණ අතර ඉහළ ප්රතිචාර ප්රමාණයක්ද මෙම ඡායාරූපයට ලැබි තිබුණි. බොලිවුඩ් සිනමාවට සම්බන්ධ අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ද සාරා මෙසේ බිකිණියකින් සැරසි සිටින ඡායාරූපය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණි. ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණේ මෙම ඡායාරූපයට ලැබුණ ප්රතිචාර අතර, බොහෝමයක් අයහපත් ඒවා බවය.