සාරාගේ බාර ඔප්පු කිරීම
කේදර්නාත් තුළින් ක්ෂේත්රයට පා තැබූ 25 හැවිරිදි සාරා අලි ඛාන් මේ දිනවල සිටින්නේ බලවත් සතුටිනි. මක් නිසා ද යත් ඇය ර`ග පෑ චරිතයේ සාර්ථක බව පිළිබ`දව සතරවටින්ම ප්රශංසා ලැබෙන බැවිනි. ඇය සම`ග මෙම චිත්රපටියේ ර`ග පෑවේ සුශාන්ත් රාජ්පුත්ය. ප්රවීන නළුවෙකු වුවත් ඔහුගේ චරිතයට සාරාගෙන් ලැබුණේ ආලෝකයක් බව විචාරකයෝ පවසති. මී ළ`ගට ඇය දකින්නට ලැබෙන්නේ රෝහිත් ෂෙට්ටි නිෂ්පාදනය කරන සිම්බා චිත්රපටියේය. එහි ඇය ර`ග පාන්නේ රන්වීර් සිං සම`ගය. මේ වන විටත් එහි ප්රචාරක පට නිකුත් වී ඇති අතර ඇය සියලූ දෙනාගේම ආකර්ෂණය දිනා ගන්නා බවට පෙර ලකුණු පහළ වී තිබේ.
ජූහුවල මුක්තේෂ්වර් දේවාලය සාරා නිතරම යනඑන තැනකි. ඇය එහිදී වන්දනාමාන කිරීමෙන් අනතුරුව දේවාලයේ පිටත සිටින දිළි`දු ජනයාට ආහාර සහ ඇ`දුම් ප්රදානය කරනවා දකින්නට පුළුවන. ඊයේ පෙරේදා ඇය එහි ගියේ චිත්රපටිය සාර්ථක කර දෙන ලෙස ඉල්ලා දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරිම පිණිසය.
‘‘චිත්රපටියක ර`ග පාන්න මට හැමදාමත් ඕන වෙලා තිබ්බා.. ඒත් ඒ අවස්ථාව ආවම මගෙ හිතට දැනුණෙ ලොකු බයක්.. චරිතය සාර්ථකව කරන්න බැරි වේයැයි කියලා මට හැම වෙලාවෙම හිතුණා.. මම බාරයක් වුණේ ඒ හින්දයි.. ඒත් දැන් නම් මගේ හිතේ තියෙන්නෙ ඕනම චරිතයක් හො`දින් ර`ග පාන්න පුළුවන් කියන විශ්වාසය විතරයි.. ඒ විශ්වාසය මගෙ හිතේ ඇති කළාට දෙවියන් වහන්සෙට ස්තුතියි ..’’
ඇය කියන්නීය.