සාරාගේ පැමිණීම සාර්ථකද?
සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලි ඛාන් රඟන සිය මංගල බොලිවුඩ් චිත්රපටය මේ වනවිට ප්රදර්ශනය අරඹා තිබේ. අභිෂේක් කපූර් අධ්යක්ෂණය කළ ‘කේදර්නාත්’ සාරාගේ පළමු චිත්රපටය වන අතර, එය දින තුනක කාලයක් ප්රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලක් උපයාගන්නට සමත්ව තිබුණී.
මේ වනවිටද ප්රදර්ශනය වෙමින් තිබෙන මෙම චිත්රපටය විචාරක මතට අනුව අසාර්ථකවන ලකුණු පවතින චිත්රපටයක් බවට පත්ව ඇත. තවත් නොබෝ දිනකින් සාරාගේ තවත් අලුත් චිත්රපටයක් ප්රදර්ශනය වීමට නියමිතව ඇති අතර, ඒ රෝහිත් ෂෙට්ටිගේ ‘සිම්බා’ චිත්රපටයයි. මෙහි ඇය රන්විර් සිං සමගින් ප්රධාන චරිත නිරූපණය කරනු ලබයි.