සාරාගේ ප්‍රේම සම්බන්ධය ඉවරද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-144

සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලි ඛාන් මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ ජනප්‍රිය යොවුන් නළු කාර්තික් ආර්යන්ගේ පෙම්වතිය වීම හේතුවෙනි. මීට සති කිහිපයකට පෙර ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධයට සාරාගේ මව වූ අම්රිතා සිංගේ ආශිර්වාදයද හිමි විය.

කෙසේ වෙතත්, මේ වනවිට බොලිවුඩ් සිනමා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටින්නේ සාරා හා කාර්තික් අතර ප්‍රේම සම්බන්ධය බිඳ වැටි ඇති බවය. එයට හේතුව කාර්තික්, සාරාගේ සමිපතම මිතුරියක් වන අනන්‍යා පාණ්ඩේ සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම හේතුවෙනි. බොහෝ දෙනා පවසන්නේ කාර්තික් හා අනන්‍යා එකට පෙනී සිටින ‘පති පත්නි අවර් වෝ’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන හෙයින් මෙය එක්තරා කට කතාවක්ද විය හැකි බවය.