සාරාගේ පළමු රංගනයට බොහෝ දෙනෙක් සුබ පතයි
මේ වනවිට සාර්ථකව තිරගත වෙන ‘කේදර්නාත්’ චිත්රපටයේ ප්රධාන නිළ චරිතයට පණ පොවන සාරා අලී ඛාන්ට සිය පළමු රංගනය පිළිබඳව යහපත් ප්රතිචාර දසඅතින් ලැබෙන බව සඳහන් වේ. ඇයගේ මව සිනමා නිළි අම්රිතා සිං හා අත්තම්මා වන ශර්මිලා තාගෝර් සාරාට මුලින්ම සුබපතා තිබුණ අතර, ඉන් පසුව සිය පියා වු සායිෆ් අලී ඛාන් හා සුළු මව කරිනා කපූර්ද ඇය සමගින් ‘කේදර්නාත්’ නරඹන්නටද පැමිණ සිටියහ.
බොලිවුඩ් සිනමා නළුනිළියන් අධ්යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්ද සාරාට සිය පළමු රංගනය වෙනුවෙන් සුබපැතුම් එක්කොට තිබුණ අතර, ඒ සැම දෙනාටම ඇය සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා සිය ස්තුතිය පළ කොට තිබුණි. ‘කේදර්නාත්’ මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 70කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති අතර, සාරා රඟන ‘සිම්බා’ තවත් දින කිහිපයකින් ප්රදර්ශනය වීමට නියමිතව ඇත.