සාරා, ශ්‍රද්ධාට මත්ද්‍රව්‍ය චෝදනා
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පුත් සිංගේ මරණය සිදුව මේ වනවිට සති 08ක කාලයක් ගෙවි තිබුණද තවමත් ඔහුගේ මරණය පිළිබඳව නිශ්චිත තොරතුරක් වාර්තා කිරීමට මුම්බායි පොලිසිය අසමත්ව තිබේ.
මේ වනවිට ඔහුගේ මරණය සියදිවි හානි කරගත් මරණයක් නොවන බවත් එය ඝාතනයක් බවත් වාර්තා වී ඇත. කෙසේ වෙතත්, ඔහු සමග ‘වට්ස්ඇප්’ තාක්ෂණය ඔස්සේ කතා බහ කළ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරක් මේ වනවිට මෙම මරණයේ සාක්ෂිය වෙනත් පැතිකඩකට යොමු කරන්නට සමත්ව තිබේ. එමෙන්ම දිපිකා පදුකෝන්, සාරා අලී ඛාන්, ශ්‍රද්ධා කපූර් ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළියන් කිහිප දෙනෙකුද මෙම මත්ද්‍රව්‍ය චෝදනාවට සම්බන්ධ වී සිටින බවටද වාර්තා වෙයි.