සාරා, කාර්තික් ‘ශිම්ලා’ ගිහින්
බොලිවුඩයේ ජනප්‍රිය යොවුන් සිනමා නළුනිළි යුවළක් වන කාර්තික් ආර්යන් හා සාරා කපූර් දෙදෙනාමේ දිනවල ඉන්දීය කාශ්මිරයට ආසන්නව පිහිටා තිබෙන ‘ශිම්ලා’ ප්‍රදේශයට ගොස් සිටින බව සඳහන් වේ. ඒ මේ දිනවල රූපගත කෙරෙන ඉම්ටියාස් අලීගේ ‘ලව් ආජ් කල්’ චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය සඳහා බව දැන ගැනිමට ලැබේ.
දින 6ක කාලයක් මෙහි රූපගත කිරිම් සිදුවෙන අතර, හිම්චාල් ප්‍රදේෂ්, දංකර් වැව, ප්‍රකට බිම්කාලි පන්සල හා ශිම්ලා නගරය තුළ මෙම දින හය තුළ රූපගත කිරිම් කරන්නට යොදා ගෙන තිබෙන බව වාර්තා වේ. ‘ලව් ආජ් කල්’ දෙවැන්න ලබන වසරේ තිරගත වීමට නියමිතව ඇති චිත්‍රපටයකි.