'සාර්කාර්' මැයි මාසේට කල් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-29-ent-139

රාම් ගෝපාල් වර්මාගේ ‘සාර්කාර්’ තුන්වැනි චිත්‍රපටය එළැඹෙන අප්‍රේල් මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. පසුගිය මාර්තු 12 වැනිදාට මෙම චිත්‍රපටය තිරගත කිරීමට සැලසුම් කර තිබුණද පසුව ඉන්දීය චිත්‍රපට පාලක මණ්ඩලය මෙහි දර්ශන කිහිපයක් ඉවත් කරන්නට නියෝග කිරීමත් සමග මෙම චිත්‍රපටය මෙසේ කල්ගත වූ බව සඳහන් වේ.

අමිතාබ් බච්චන්, ජැකි ෂෙරෝෂ්, මනෝජ් බජ්පායි, යමි ගෞතම් හා රෝනිත් රෝයි මෙහි රංගනයෙන් දායකවන අතර චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 54ක් වියදමකින් තැනුවක් බව සඳහන් වේ. ‘සාර්කාර්’ දෙවැනි චිත්‍රපටය තිරගත වුයේ 2008 වසරේදී වූ අතර, වසර 9කට පසුව එහි තෙවැන්න මෙසේ එළිදැක්වීම විශේෂත්වයක් වේ.