සායිෆ්ට අපහාසයක්
සායිෆ් අලි ඛාන් කි‍්‍රකට් ලෝකයත් එක්ක ඇත්තේ ලොකු සම්බන්ධතාවකි. ඔහුගේ පියා මන්සූර් අලි ඛාන් ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කර ඇති අතර හො`දම කී‍්‍රඩකයන් අතරින් අයෙකු ලෙස අදටත් නම කියැවෙන්නේය.
සායිෆ් ද කි‍්‍රකට්වලට දක්වන්නේ ලොකු ඇල්මකි. බිරි`ද කරීනා සහ පුතු තායිමාර් සම`ග ලන්ඩනයේ කෙටි නිවාඩුවක් ගත කිරීමෙන් අනතුරුව ඔහු නැවතත් ජාවානි ජානේමන් චිත‍්‍රපටියේ රූගත කිරීම් ආරම්භ කළේය. මැන්චෙස්ටර්හි ට‍්‍රැෆර්ඞ් කි‍්‍රඩාංගනයේ පැවති ඉන්දියානු පකිස්තාන් ලෝක කුසලාන කි‍්‍රකට් තර`ගය නරඹන්නට ඔහු ගියේ රූගත කිරීම් අතරතුර නිවාඩුවක් ලබාගෙනය. චිත‍්‍රපටියේ ඔහුගේ දියණිය ලෙස ර`ග පාන පූජා බේදි ගේ දියණිය ආලියා ෆර්නිචර්වාලා ඇතුළු තවත් කිහිප දෙනෙක් සායිෆ් සම`ග එහි ගියහ.
තර`ගය නරඹමින් සිටින අතරතුර පකිස්තානු ජාතිකයෙක් සායිෆ්ට අපහාස වන අන්දමේ යම්යම් දේවල් කියන්නට පටන් ගත්තේය.
‘‘සායිෆ් කියන්නෙ ඉන්දියන් ටීම් එකේ වෝටර් බෝයි..’’
ඔහු වරක් කීවේය. එහෙත් සායිෆ් නෑසුණාක් මෙන් සිටියේය.
‘‘මුන් චිත‍්‍රපටිවලින් අපේ මිනිස්සු මරනවා..’’
පකිස්තාන් ජාතිකයා විසින් කියන ලද එවන් බොහෝ දේවල් සහිත වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන්නට පටන් ගත්තේ නිමේෂයකිනි. ඔහුට වුවමනා කර තිබුණේ සායිෆ් ගැටුමකට පටලා ගන්නට බැව් එහි පැහැදිලිවම දිස් වූයේය. එහෙත් ඉවසිල්ලෙන් කි‍්‍රයා කළ සායිෆ් සිය කණ්ඩායමත් සම`ග එතැනින් ඉවත් වූයේය. පකිස්තාන් ජාතිකයාගේ හැසිරීම සියලූ දෙනාගේම විවේචනයටත් සායිෆ් ගේ කි‍්‍රයාව ප‍්‍රශංසාවටත් ලක් වී තිබේ.