සායිෆ්ගේ චිත්‍රපට දෙකක් නොවැම්බර් 29 වැනිදා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිගින් දිගටම බොලිවුඩයේ අසාර්ථක වන නළුවෙකු බවට පත්ව සිටින සායිෆ් අලී ඛාන්ගේ චිත්‍රපට දෙකක් නොවැම්බර් 29 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ ‘ජවානි ජානේමන්’ හා ‘දිල් බචිරා’ චිත්‍රපට තුළිනි. ‘ජවානි ජානේමන්’ චිත්‍රපටයේ ඔහු පෙනී සිටින්නේ ජනප්‍රිය නිළි තාබු සමග වන අතර, ‘දිල් බච්රා’ චිත්‍රපටයේ සුශාන්ත් රාජ්පූත් සිං හා සංජනා සංගානි නම් නවක නිළිය සමගය.

සායිෆ් මෙම චිත්‍රපට දෙකද ඇතුළුව මේ වසරේ පෙනී සිටි සිවුවැනි චිත්‍රපට මෙය වේ. ලබන වසරේ බොලිවුඩයේ තිරගත වෙන පළමු චිත්‍රපටයද සායිෆ් අලී ඛාන්ගේ වීම විශේෂත්වයකි. ‘ජනාජි’ නම්වූ එම චිත්‍රපටයේ ඔහු අජේ දේව්ගන් සමගින් රංගනයෙන් දායක වෙයි.

20191111Saif-1 20191111Saif-2