සායිෆ් ‘ලව් ආජ් කල්’ ප්‍රතික්ෂේප කරයි
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන් ප්‍රේක්ෂයන් අතරට රැගෙන ගිය චිත්‍රපටයක් ලෙස ‘ලව් ආජ් කල්’ හැඳින්විය හැකිය. 2009 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක විය. සායිෆ් අලී ඛාන්, දිපීකා පදුකෝන් හා ඩයනා පේන්ට් රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කරන්නට සූදානමක් පවතින බවට තොරතුරු ලැබේ.
ඒ සඳහා සායිෆ්ගේ දියණිය සාරා අලී ඛාන්ද එක්වෙන අතර, සායිෆ්ද උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන බවට තොරතුරු ලැබුණි. මේ වනවිට වාර්තා වන්නේ සායිෆ් අලී ඛාන් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කර ඇති බවය. සායිෆ් වෙනුවට මේ වනවිට මෙම චිත්‍රපටයේ ප්‍රධනා චරිතයට තෝරා ගෙන ඇත්තේ ජනප්‍රිය නවක නළු කාර්තික ආර්යයන්ය.