සායිෆ්, කරිනා එක්ක තයිමුර් දකුණු අප්රිකාවේ ගිහින්
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු යුවලක් වු කරිනා කපූර් හා සායිෆ් අලී ඛාන් දෙදෙනා මේ දිනවල නිවාඩුවක් ගත කරන්නට දකුණු අප්රිකාවේ කේප්ටවුන් නගරයට ගොස් සිටින බව වාර්තා වේ. මීට දින කිහිපයකට පෙර යෙදී තිබුණ තයිමුර් අලි ඛාන්ගේ දෙවැනි උපන්දිනය කේප්ටවුන්හි සමරනු ලැබු බව සඳහන් වේ.
සායිෆ් පවුල දින පහක කාලයක් දකුණු අප්රිකාවේ රැඳි සිටින්නට බලාපොරොත්තු වෙන අතර, කරිනා සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමේ සටහනක් තබා තිබුණේ දකුණු අප්රිකාවේ සුන්දර ස්ථාන රැසක් නරඹන්නට ඉදිරි කාලය යොදා ගන්නා බවය. එමෙන්ම ඇය කේප්ටවුන් නගරයේ මුහුදු වෙරළේ ගත් ඡායාරූප කිහිපයක් සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමට එක්කොට තිබුණි.