සායිෆ් අලී ඛාන්ට නිවේදන කටයුතු
ජූලි 15 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිටිහි පැවැත්වීමට නියමිත 18 වැනි ‘අයිෆා‘ සිනමා සම්මාන උලෙළෙහි නිවේදන කටයුතු සිදුකිරීමට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන් තෝරාගෙන ඇතැයි වාර්තා වෙනවා. ඔහුගේ සහාය නිවේදකයා හැටියට ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක කරන් ජෝහර් කටයුතු කරනු ලබනවා.
මෙම සිනමා උලෙළෙ සල්මාන් ඛාන්, ෂාහිඩ් කපූර්, ආලියා භාට්, කත්‍රිනා කයිෆ්, සුශන්ත් රාජ්පුත්, ක්‍රිති ෂැනොන් නර්තනයෙන් එක්වීමට නියමිතව සිටිනවා. නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ, මෙමසිනමා උලෙළ සඳහා ෂාරුක්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවත් ඒ වෙනුවෙන් මෙම සම්මාන උලෙළ සඳහා ආමිර් ඛාන්ගේ පැමිණීම බලාපොරොත්තු විය හැකි බවත්ය.