සායිෆ් අලි අමාරුවක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-25-ent-64

සායිෆ් අලි ඛාන්ට ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියෙන් එවා ඇති විමර්ශන ලිපියක් නිසා මේ දිනවල බොලිවුඩයේ සියලූම ඇස් යොමු වී තිබෙන්නේ ඔහු වෙතටය. දඩයම් කිී‍්‍රඩාවක් ස`දහා සයිෆ් බල්ගේරියාවේ ගියේ තවත් කණ්ඩායමක් සම`ගය. එහිදී ඔවුහු වල් ඌරන් දඩයම් කළහ. බිග් හන්ටින් ගේම් යනුවෙන් හැ`දින්වෙන මේ දඩයම් කි‍්‍රඩාව බොහෝ යුරෝපීය රටවල දකින්නට ලැබේ.

මේ සංචාරය සංවිධානය කර තිබූ ආයතනය සම්බන්ධීකරණය කර තිබුණේ ඒජන්තවරයෙකු විසිනි. දඩයම් කි‍්‍රඩාවේ වියදම් ස`දහා ආයතනයට ගෙවිය යුතු වූ මුදල යුරෝ 24000 කි. එහෙත් සායිෆ් සහ ඔහුගේ කණ්ඩායම ගෙවා ඇත්තේ 14000 ක් පමණකි. ඉන්ටර්පෝල් ප‍්‍රශ්න කරන්නේ මේ ඉතිරි 10000 ගැනය.

ජෝර්ජි පෙටෙව් නමැත්තෙකුට ඒ මුදල ගෙවූ බැව් සායිෆ් කියන්නේය. ඔහු හා ආයතනය අතර සම්බන්ධීකරණ කටයුතු කර තිබෙන්නේ ඒ තැනැත්තාය. එහෙත් මේ වන විට ඔහු අතුරුදහන් වී තිබේ. පොලීසියට වුවමනා වී තිබෙන්නේ මේ තැනැත්තා සොයා ගන්නටය. බල්ගේරියානු බලධාරීන් විසින් සායිෆ්ගෙන් ප‍්‍රශ්න 15 ක් අසා තිබේ. ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු සායිෆ් ඔවුන්ට යැවිය යුතුය. මුම්බායි පොලිසිය ද සායිෆ්ගෙන් ප‍්‍රශ්න කර ඇති අතර ඔහුගේ කට උත්තරය ගැන මාධ්‍යවලට දැන ගන්නට ලැබී නැත.

මේ අතර සායිෆ් ගේ ගැටවර වියේ පුතු ඉබ‍්‍රාහිම් විසින් අන්තර්ජාලයට නිකුත් කර ඇති ඡුායාරූපයක් පිළිබ`දව ද සියලූ දෙනාගේම අවධානය යොමු වී තිබේ. ඔහු එයට පෙනී සිට ඇත්තේ පිහිනුම් තටාකයකදීය. මේ වන විට 17 හැවිරිදි ඉබ‍්‍රාහිම් ඒ වයසේදී ඔහුගේ පියාටම සමාන රූපකායක් ඇති බැව් ඔවුන් පිළිබ`දව දන්නා හැම දෙනාම කියති.

‘‘පතාඋඩි කියන්නෙ රාජකීය පවුලක්නෙ.. ඒ රාජකීය පෙනුම ඉබ‍්‍රාහිම්ට අඩුවක් නැතුවම තියෙනවා.. ඔහු දැනටම යුවතියන් ගෙ සිහින කුමාරයා වෙලා හමාරයි.. අපි කරීනගෙයි සායිෆ්ගෙයි පුතා තායිමූර් ගෙ තොරතුරු හොයනවා මිසක් සායිෆ්ගෙයි අම්රිතාගෙයි පුතා ගැන හොයන්නෙ නෑ.. ඇත්තටම ඔහු කඩවසම් තරුණයෙක්..’’

මාධ්‍යවේදියෙක් කියා තිබිණි.

සායිෆ් ගේ දියණිය සාරා හෝ ඉබ‍්‍රාහිම් පුවත් අතරට එන්නේ කලාතුරකිනි. ඉබ‍්‍රාහිම් කලක් සමාජ වෙබ් අඩවිවිල සිටියත් දැන් ඔහු ඒවායින් ද ඉවත් වී තිබේ.

‘‘කාලය හැම දේම කියයි..’’ ඔහු වෙබ් අඩවියක සටහනක් තබා තිබිණි. ඒ කියන දේ කුමක්දැයි දන්නේ ඔහුම පමණකි.