සායි මංජේකාර්ට වැඩ නැහැ
‘ඩබාන්ග්’ තුන්වැන්න හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි සායි මංජේකාර්ට ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ගැටළු රැසකටම මුහුණදීමට සිදුව තිබෙන බව වාර්තා වෙයි. ඒ ‘ඩබාන්ග්’ චිත්‍රපටය ප්‍රදර්ශනය විමෙන් පසුව සම්බන්ධ වීමට ලැබුණ චිත්‍රපට හතරක් රූපගත කිරිම් කටයුතු සිදු කරන්නට නොහැකි වි ඇත. එයට හේතුව මේ වනවිටත් ඉන්දියාවේ බොහෝ නගර වසා තිබෙන හේතුවෙනි.
ඇය පවසන්නේ එම චිත්‍රපටවල වැඩ අවසන් කළද ඒවා ප්‍රදර්ශනය වීමට තවත් වසර දෙකක් හෝ තුනක් ගතවනු ඇති බවය. සායි චිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක මෙන්ම තිර රචකයෙකු ලෙස කටයුතු කරන මහේෂ් මංජේකර්ගේ දියණියද වෙයි.