සාන්යාගේ චිත්රපටය ‘දංගල්’ කට්ටියගෙන් උදව්වක්
ඉන්දියාවේ වැඩිම ආදායමක් උපයාගත් චිත්රපටය ලෙස අදටද හැඳින්වෙන අමිර් ඛාන්ගේ ‘දංගල්’ චිත්රපටයේ රඟපෑ සාන්යා මල්හෝත්රා රඟන ‘පටකා’ චිත්රපටය සාරථක කර ගැනීමට ‘දංගල්’ චිත්රපටයේ රඟපෑ නළුනිළියන්ගේ උදව් ලැබී තිබෙන බව සඳහන් වේ.
පසුගිය දින කිහිප තුළ මෙම චිත්රපටයේ මංගල දර්ශනය ඇතුළු ප්රචාරක කටයුතු කිහිපයක්ම එකදිගට සිදු කළ අතර, ඒ සඳහා අමිර් ඛාන්, සාක්ෂි තිවාරි, සයිරා වසිම්, ෆාතිමා සානා යන ‘දංගල්’ චිත්රපටයේ රඟපෑ නළුනිළියන්ද මේ සඳහා එක්ව සිටි බව සඳහන් වේ. සාන්යාට අමතරව ‘පටකා’ චිත්රපටයේ රාධිකා මාදන්, නිධි අග්රවාල්, සුනිල් ගෝවර්, නේනා ගුප්තා රංගනයෙන් දායක වෙයි. පසුගියදා තිරගත වීම් ආරම්භ කළ මෙම චිත්රපටය මංගල දිනයේදිම ඉන්දීය රුපියල් ලක්ෂන 90 ආදායමක් උපයාගන්නට සමත් විය.