ස්වෙරා මේ දිනවල රුසියාවේ ගත කරයි
චිත්‍රපට කිහිපයකටම සම්බන්ධව සිට පසුගිය කාලයේ කාර්යබහුලව සිටි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ස්වෙරා බාස්කර් මේ දිනවල රුසියාවේ ‘මොස්කව්’ නගරයේ නිවාඩුව ගත කරමින් සිටින බව සඳහන් වේ. ඇය මෙම නිවාඩුව ගත කරන්නට සිය සමිපතම මිතුරු, මිතුරියන් කිහිප දෙනෙකු එක් කරගෙන තිබෙන බව සඳහන් වේ.
‘විරේ කි වෙඩින්ග්’, ‘ප්‍රේම් රතන් දන් පායෝ’ චිත්රපටව ස්වෙරා උප ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, එම චිත්‍රපට ද්විත්වයම ඉන්දීය රුපියල් කෝටි 300කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් විය.