ස්වප්නාගේ ‘ආදර්ශමත් සැමියා’ අනාස් රශීඩ්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2017-03-27-ent-62

ස්වප්නා ටෙලිනාට්‍ය පේ‍්‍රක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගෙන සිටින්නේ සුරාජ් රාතිය. ඔහු දෙමව්පියන්ට කීකරු පුත‍්‍රයෙකි. සහෝදර සහෝදරයන්ට යුතුකම් ඉටුකරන්නට නොපැකිළෙන ආදරණීය සහෝදරයෙකි. සිය බිරිඳගේ ප‍්‍රාර්ථනාව ඉටුකිරීම පිණිස කැපවී ක‍්‍රියාකරන ආදර්ශමත් සැමියෙකි. කවුරුවත් ඔහුට හොඳම මිස නරකක් නම් කියන්නේ නැත.

2017-03-27-ent-64එහෙත් ඒ ආදර්ශමත් චරිතය රඟපාන අනාස් රශීඞ් නම් සුරාජ්ගේ අහළකින්වත් තබන්නට පුළුවන්කමක් නැත. ක්‍ෂ්ත‍්‍රයේ ඔහු ප‍්‍රසිද්ධව සිටින්නේ ඉක්මන් කේන්තිකාරයෙකු ලෙසිනි. සිය සහෝදර නළු නිළියන් සමඟ පමණක් නොව අධ්‍යක්ෂවරයා සමඟද ගැටුම් ඇතිකරගත් අවස්ථා බහුලය.

අනාස් වැඩිපුරම ගැටුම් ඇති කරගෙන තිබෙන්නේ ‘‘දියා ඕර් බාති හම්’’ එනම් ස්වප්නා දර්ශන තලයේදීය. ප‍්‍රමාද වී පැමිණෙන නළුවෙකු ලෙස ඔහු ප‍්‍රසිද්ධය. ඔහුගේ වගකීම් රහිත හැසිරීම නිසා නිෂ්පාදකවරු මෙන්ම අනෙක් නළු නිළියන්ද අපහසුවට පත්වෙති.

රිදී තිරයේදී ස්වප්නා හා සුරාජ් ආදරණීය අඹුසැමි යුවළකි. එහෙත් ස්වප්නා චරිතය රඟපාන දීපිකා සිං සහ අනාස් රශීඞ් අතර සැබෑ ජීවිතයේදී එතරම් සුහදත්වයක් නැති බැව් දැනගන්නට ලැබී තිබේ. එක් දිනෙක දර්ශන තලයේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම නිසා දීපිකා විසින් අනාස්ට කම්මුල් පහරක්ද දී තිබේ. මෙම සිද්ධියට මාධ්‍යවලින් ලැබුණේ පුළුල් ප‍්‍රචාරයකි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් දීපිකා පැවසුවේ එය වරදවා වටහා ගැනීමක් නිසා ඇතිවූ සුළු සිද්ධියක් පමණක් බවය.

නිරූපණ වෘත්තියේ යෙදී සිටි අනාස් රශීඞ් ‘කහීන් තු හෝගා’ ටෙලිනාට්‍යයේ රඟපාමින් ක්‍ෂ්ත‍්‍රයට පිවිසියේ 2006 දීය. ඉනික්බිතිව කපා හෝගා නම්වෝ කා, ධාර්ති කා වීර් යෝධා ප‍්‍රීත්විරාජ් චව්හාන්, ඇසේ කරෝ නා විදා ටෙලිනාට්‍යවල රඟපෑවේය. එහෙත් ඔහු පේ‍්‍රක්ෂකයන් අතරට ගියේ 2011 ස්ටාර් ප්ලස් රූපවාහිනියේ තිරගත වීම ඇරඹුණ දියා ඕර් බාති හම් ටෙලි නාට්‍යයේ සුරාජ් රාතිගේ චරිතය රඟපාමිනි.

1980 අගෝස්තු 31 දා පන්ජාබයේ මලෙර්කොට්ලාහි මුස්ලිම් පවුලක උපත ලද අනාස්ට නංගිලා දෙදෙනෙක් සහ මල්ලිලා දෙදෙනෙක් සිටිති. ඔහු ඉගෙන ගත්තේ උර්දු බසිනි. ඔහුට අරාබි බසද දක්ෂ ලෙස වහරන්නට පුළුවන.

මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන අනාස් පුහුණු ගායකයෙකි. ඔහුගේ ප‍්‍රියතම වර්ණ වන්නේ කහ සහ සුදුය.

දියා ඕර් බාති හම් ටෙලිනාට්‍යය වසර පහක්ම ස්ටාර් ප්ලස් තිරයේ දිග හැරී 2016 සැප්තැම්බර් මාසයේ අවසන් වූයේය. සියලූ දෙනාම එහි අවසන් කොටස නැරඹුවේ හඬා වැටෙමිනි. එය ඒ තරමටම සංවේදී දර්ශනයක් වූයේය. එහෙත් එහි අවසානය පිළිබඳව වැඩිදෙනෙකු කතා කරන්නේ සතුටින් නොවේ.

‘‘ඇත්තටම අවසන් කතාංගය දැක්කම මමත් කම්පනයට පත්වුණා.. ඒක මෙච්චර ඉක්මනට එක පාරටම ඉවර වෙයි කියලා මං හිතුවෙත් නෑ...’’ එසේ කියන්නේ එහි සන්ධ්‍යා (ලංකාවේ ස්වප්නා) චරිතය රඟ පෑ දීපිකා සිංය.

ඇය විවාහ වූයේ දියා ඕර් බාති හම් අධ්‍යක්ෂ රෝහිත් රාජ් ගෝයාල් සමගය. මේ දිනවල ඔවුහු සිය ප‍්‍රථම දරුවා අපේක්ෂාවෙන් සිටිති.

‘‘අම්මා කෙනෙක් වීමට සූදානම් වෙන එක අපූරු අත්දැකීමක්’’ ඇය කියන්නීය.

මේ දිනවල දියා ඕර් බාති හම් දෙවන කොටස නිෂ්පාදනය කෙරෙමින් පවතියි. එය නම් කර ඇත්තේ ‘තු සුරාජ් මෑ සාන්ජ් පියාජි’ යනුවෙනි. මෙහි දීපිකා සිං හෝ අනාස් රශීඞ් රඟපාන්නේ නැත.

‘‘ඇත්තටම ඒකෙ රඟපාන්න බැරි වෙන එක ගැන මට දුකයි.’’ අනාස් කියන්නේය.

‘‘මම ටී.වී. එකේ දැක්කා දෙවැනි කොටසේ ප‍්‍රචාරක වැඩසටහන්... මට ඒකෙ මගේ අම්මව (නීලූ වගේලා) දැක්කම දුවගෙන ගිහින් බදාගන්න හිතුණා. මගේ අම්මා වයසට ගිහින් ඉන්න හැටි දකිද්දී නම් මට දුක හිතුණා. ඇත්තටම අපි හැමෝම එකම පවුලක අය වගේ හිටියෙ...’’

එම ටෙලිනාට්‍යයට තමා සම්බන්ධ කර නොගැනීම පුදුමයක් නොවන්නේ යයි දීපිකා සිං පවසයි. එහි අධ්‍යක්ෂවරයාව සිටි පසුව ඇගේ සැමියා වූ රාජ් ගෝයාල් ඇයට වැඩි තැනක් දෙන බවට චෝදනා එල්ල වූයේය. ඔහු එහි අධ්‍යක්ෂණයෙන් ඉවත් වූයේ ඉන් පසුවය.

එම්.එස්. දෝනි ද අන්ටෝල්ඞ් ස්ටෝරි චිත‍්‍රපටියේ රඟ පෑ ජනප‍්‍රිය නිළි රී ශර්මා ඇතුළු අලූත් නළු නිළියෝ රැුසක් තු සුරාජ් මෑ සාන්ජ් පියාජි හි රඟපාති. මෙය විකාශය වන්නේ අපේ‍්‍රල් 2දා සිටය. රාති පවුලේ දෙවන පරම්පරාවේ කතාව සහිත මෙහි අම්මාගේ චරිතය රඟ පෑ නීලූ වගේලා ඇතුළු පැරණි නළු නිළියෝ කිහිපදෙනෙක්ද සිටිති. රූගත කිරීම් කෙරෙන්නේ කේරළයේය.

 

චන්දි කොඩිකාර

 

2017-03-27-ent-63