‘ස්ලෝ මෝශන්’ මිලියන 62ක් නරඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-98

ජුලි 05 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත අලි අබ්බාස් සෆර්ගේ ‘භාරත්’ චිත්‍රපටයේ අන්තර් ගත ගිතයක් පසුගිය සි අන්තයේදී එළිදක්වනු ලැබීය. ‘ස්ලෝ මෝශන්’ නම් එම ගීතය මේ වනවිට ‘යූ ටියුබ්’ සමාජ ජාලය තුළින් නරඹා ඇති පිරිස මිලියන 62ක් බව සඳහන් වේ. සල්මාන් ඛාන්, කත්‍රිනා කයිෆ් හා ඩිෂා පටානි රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය මේ වසරේ සල්මාන් රංගනයෙන් දායක වන පළමු හා එකම චිත්‍රපටය වේ.

මීට පෙරද සල්මාන් රංගනයෙන් දායක වූ ‘ටයිගර් සින්දාහේ’, ‘රේස්’ හා ‘සුල්තාන්’ චිත්‍රපටවල ඇතුලත් වූ ගීත කිහිපයක්ද ‘ස්ලෝ මෝශන්’ ගීත හා සමානව ‘යු ටියුබ්’ සමාජජාලය තුළ විශාල පිරිසක් නරඹා තිබුණි. සිනමා විචාරකයන් පවසන්නේ ‘ස්ලෝ මෝශන්’ ගිතය ඇතුලත් ‘භාරත්’ චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයින් දක්වන උනන්ඳුව මෙම ගීතය හරහා මැනගත හැකි බවය.