‘ස්පයිඩර් මැන්’ අලුත් එකත් බිලියනක් උපයයි
ජුලී 02 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශය වූ ‘ස්පයිඩර් මෑන් - ෆෙයාර් ෆොම් හෝම්’ චිත්‍රපටය පසුගිය සති අන්තය වනවිට සිය ආදායම් තත්ත්වය බිලියනයක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය. මේ වසරේ බිලියනයක ආදායමක් උපයාගත් තෙවැනි ‘මාවල්’ චිත්‍රපටය මෙය වන අතර, ‘ස්පයිඩර්’ මෑන් චිත්‍රපට ඉතිහාසයේ ‘ස්පයිඩර් මෑන්’ චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායමටද එක්වීමට මෙම චිත්‍රපටය සමත් විය.
මීට පෙර වැඩිම ආදායමක් උපයාගත් ‘ස්පයිඩර් මෑන්’ චිත්‍රපටය බවට පත්ව තිබුණේ ටොබි මැග්රේ රඟපෑ ‘ස්පයිඩර් මෑන්’ තුන්වැනි චිත්‍රපටයයි. 2007 වසරේ තිරගත වූ එම චිත්‍රපටය මිලියන 890ක ආදායමක් උපයාගන්නට සමත්ව තිබුණි. ‘ස්පයිඩර් මෑන් - ෆෙයාර් ෆ්‍රෝම් හෝම්’ චිත්‍රපටය මේ වනවිට වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපට අතර, 41 වැනි ස්ථානයේ පසුවන්නේය.