'ස්පයිඩර්' කෝටි 150ක් උපයයි
දකුණු ඉන්දීය සිනමා නළු මහේෂ් බාබු රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා බිඳදමමින් තිරගත වෙමින් පවතියි. සැප්තැම්බර් 27 වැනිදා ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය, මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 150කි. ඉන්දීය රුපියල් කෝටි 120ක් වැනි දැවැන්ත මුදලක් වියදම් කර නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටය, මේ වසරේ ඉන්දීය සිනමාව තුළ වැඩිම මුදලක් වියදම් කර තැනුණ ඉන්දීය චිත්‍රපටයක්ද වේ.
‘ස්පයිඩර්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටයටද ඉහළ නැරඹුම් ප්‍රමාණයක් ලැබී තිබුණ අතර, චිත්‍රපටය තිරගත වීමට පෙර සිටම මෙම චිත්‍රපටය අති සාර්ථක වන ලකුණු පෙන්නු බව ඉන්දීය සිනමා විචාරකයෝ පවසා සිටිති. ‘ස්පයිඩර්’ චිත්‍රපටය දමිළ හා තෙළෙඟු බසින්ද හඬකවා තිබෙන අතර, එය උතුරු ඉන්දියාවේ තවමත් ප්‍රදර්ශනය නොකර මෙවැනි ආදායමක් උපයා ගැනීම විශේෂත්වයකි.