ස්නෙහාට දියණියක් ලැබිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-927

2000 දශකයේ දකුණු ඉන්දීය සිනමාවේ සිටි ජනප්‍රියම සිනමා නිළියක්ව සිටි ස්නෙහා මෑතකදී සිනමා ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණේ තරමක් අඩුවෙනි. කෙසේ වෙතත්, ඇයගේ චිත්‍රපට කිහිපයක්ම පසුගිය වසරේදී තිරගත වි තිබුණි. වාර්තා වන අන්දමට ස්නෙහා පසුගිය කාලයේ මෙසේ සිනමාවෙන් ඈත්ව සිට ඇත්තේ ඇය ගැබි ගෙන සිටීම හේතුවෙනි.

මීට දින කිහිපයකට පෙර ඇය දියණියක් බිහි කළ අත, මේ වනවිට ඇයද කැටුව ස්නෙහා චෙන්නායි නගරයේ තම නිවසට ගොස් තිබෙන බව වාර්තා වේ. 2012 වසරේ ජනප්‍රිය සිනමා නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන ප්‍රසාන්නා සමගින් විවාහ වූ අතර ලැබුණ දරුවාට පෙර ඔවුන්ට වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකුද මේ වනවිට සිටියි.