ස්ථිර වුණ රන්බිර්ගේ විවාහය
වසර දෙකක් තිස්සේ කාලයෙන් කාලයට වෙනස් වන රන්බීර් හා ආලියාගේ විවාහයේ නවතම තොරතුරු මේ දිනවල වාර්තා වෙමින් පවතියි. දැන ගැනීමට ලැබෙන ආකාරයට ඔවුන් දෙදෙනාගේ විවාහය ලබන වසරේ මැද භාගයේදී සිදු කරන්නට කපූර් හා භාට් පවුලේ සාමාජිකයන් එකගතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
පසුගිදා යෙදි තිබුණ නත්තල් දිනයේදී රන්බිර්ගේ නිවසේ පැවැති සාදයකට මෙම පවුල් දෙකේ ඥාතින් පැමිණ අවස්ථාවේදී මෙය ස්ථිර වූ බව වාර්තා වෙයි. රන්බිර් මේ වනවිට 38 වැනි වියෙහි පසුවන අතර, අලියා 32 වැනි වියෙහි පසුවෙයි.