‘ස්ටාර් වෝස්’ අලුත් එකත් බිලියනක් උපයයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-776

පසුගිය දෙසැම්බර් 20 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ස්ටාර් වෝස් ද රීස් ඔෆ් ස්කයි වෝල්කර්’ චිත්‍රපටය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 800කට ආසන්න මුදලක් උපයාගෙන ඇත. දින 10ක කාලයක් තුළදී මෙම මුදල උපයා ගැනීමට සමත්වීම හේතුවෙන් සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය බිලියන ආදායමක් පහසුවෙන් උපයාගනු ඇති බවය.

එසේ වුවහොත් 2019 වසරේ බිලියනකට වඩා වැඩි ආදායමක් උපයාගත් හොලිවුඩ් චිත්‍රපට අතර, 09 වැනි චිත්‍රපටය ලෙස මෙය පත්වේ. පසුගිය වසරේ වැඩිම ආදායමක් හිමිකරගත් චිත්‍රපටය ලෙස වාර්තා අතර එක්වූයේ ‘ඇවෙන්ජර්ස් ඊන් ද ගේම්’ චිත්‍රපටයයි.