‘ස්කොප්’ සිනමා ශාලාවේ තිරගත වන අලුත්ම චිත්‍රපටය
‘කුයින්’ නම් වූ ඉතාමත් ජනප්‍රිය බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් හා එහි ප්‍රධාන රොක් ගායකයා වටා ගෙතුණ ‘‘බොහිමන් රැප්සෝඩි’ චිත්‍රපටය මේ දිනවල ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය වෙමින් තිබේ. ඒ කොල්ලුපිටිය ස්කොප් සිනමා ශාලාවේදීය. බ්‍රයන් සිගර් විසින් අධ්‍යක්ෂනය කරනු ලැබු මෙම චිත්‍රපටයේ රාම් සයිඩ් මලික්, ලුසී බොයින්ටන්, විලියම් ලී, බෙන් හාර්ඩි, ජෝශප් මැසොලෝ පිරිස රංගනයෙන් දායක වෙයි.
‘ෆ්‍රෙඩි මර්චි’ නම් අති දක්ෂ හා ජනප්‍රිය රොක් ගායකයා මුලික කර ගනිමින් ‘බොහිමන් රැප්සෝඩි’ චිත්‍රපටය නිර්මාණය කර තිබේ. ‘ෆ්‍රෙඩි’ සිය සංගීත මිතුරන් හා එක්ව ‘කූයින්’ නම් සංගීත කණ්ඩායම එවකට ලෝකයේ ඉහළම තැනකට ගේන ඒමට සමත් වෙයි. එහෙත්, ඔහු ‘ඒඩ්ස්’ රෝගයට ගොදුරු වෙන අතර, ‘කුයින්’ සංගීත කණ්ඩායම අර්බුද රැසකට මුහුණ දෙන්නට සිදුවන අතර, ‘ෆ්‍රෙඩ්’ගේ පෞද්ගලික ජීවිතේද හැලහැප්පිම් රැසක් මෙහිදි සිදුවේ. කතාව එලෙස දිග හැරෙන අතර, මෙම ‘බොහිමන් රැප්සෝඩි’ චිත්‍රපටය ’20 සෙන්චුරියන් ෆොක්ස්’ සමාගම විසින් බෙදාහැර තිබේ. අඩු වියදම් නිෂ්පාදන පිරිවැයක් වන මෙම චිත්‍රපටය ආදායම් උපයා ගැනිම අතින් සාර්ථක වනු ඇතැයි සිනමා විචාරකයන් දැනටමත් සිය මත පළ කර සිටියි.