ස්කොප් ශාලාවේ තිරගත වන ‘මානිකර්නිකා’
ඉන්දියානු ඵෙතිහාසික චරිතාපදානයක් පාදක කරගනිමින් නිෂ්පාදනය කර ඇති ‘මානිකර්නිකා - ද ක්වීන් ඔෆ් ජාන්සි’ චිත්රපටය ජනවාරි 25 වැනිදා සිට කොල්ලුපිටිය ස්කෝප් සිනමා ශාලාවේ මෙන්ම ‘කොළඹ සිටි සෙන්ටර්’ සිනමා ශාලාවේ ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානලාභිනියක් වන කංගනා රනවුත්, අතුල් කුල්කර්ණි. පිෂු සෙන්ගුප්තා, අන්කිතා ලොකන්ඩේ, සුරේෂ් ඔබ්රෝයි ඇතුළු නළුනිළි පිරිස මෙහි රංගනයෙන් දායක වෙයි. රාධා කිශ්ණන් හා කංගනා මෙහි සම අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කර ඇති අතර, ඉන්දීය රුපියල් කෝටි 125ක මුදලක් වැය කරමින් තැනුන මෙම නිෂ්පාදන බරපැණ දරා ඇත්තේ නිශාන්ත් පිට්ටි, කමල් ජායින් දෙදෙනාය.