සල්ලිකාරයන් අතර 'ක්ලුනි' යළිත් මුල් තැනට
‘ෆෙබ්ස්’ සඟරාව මඟන් වාර්ෂිකව ප්රකාශයට පත් කරන ලොව ධනවත්ම නළුනිළියන් අතර මුල් තැන දිනාගන්නට හොලිවුඩ් සිනමා තරුවක් වන ‘ජෝර්ජ් ක්ලුනි’ සමත්ව ඇත. පසුගිය වසරේ ජුලි 01 වැනිදා සිට මේ වසරේ ජුලි 01 වැනිදා දක්වා ලොවපුරා වෙසෙන නළුනිළියන් උපයාගත් ආදායම් මෙම වර්ගිකරණයට ඇතුලත්ව ඇති අතර, ජොන්සන් මෙම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 239ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත.
ක්ලුනි පළමු තැනට පත්වෙද්දි, හිටපු රෙස්ලින් ක්රීඩකයෙකු මෙන්ම වර්තමානයේ සුපිරි හොලිවුඩ් සිනමා තරුවක් වන ඩිවෝන් ජොන්සන් මෙහි දෙවැනි තැනට පත්ව තිබේ. ඩිවෝන් මෙම කාලය තුළදී උපයා ගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 124ක මුදලක් උපයා ගෙන ඇත.
‘අයන් මැන්’ හෙවත් රොබට් ඩිවේනි, ‘තෝර්’ හෙවත් ‘ක්රිස් හැම්ස්වර්ත්, ජැකි චෑන්, විල් ස්මිත්, ආක්ෂෞ කුමාර්, ඇඩම් සැන්ඩලර්, සල්මාන් ඛාන් හා ‘කැප්ටන් ඇමෙරිකා’ හෙවත් ක්රිස් එවන්ස් මෙම ලැයිස්තුවේ මුල් දසදෙනා අතර රැඳි සිටියි.