සල්ලි හොයන චිත්‍රපට අතර මීළඟ චිත්‍රපටය
මේ වසරේ තිරගත වූ චිත්‍රපට හතරක් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා ආදායමක් උපයාගෙන ඇත. එමෙන්ම මේ වසරේ තිරගත වූ ‘ඇවෙන්ජර්ස් ඊන්ද ගේම්’ චිත්‍රපටය මේ වනවිට ලොව වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්ව තිබේ. සිනමා විචාරකයන් පවසන්නේ මෙවැනි මුදලක් සොයාගන්නා මිළඟ චිත්‍රපටය වන්නේ ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවට අයත්, ‘හොබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්‍රපටයයි. මේ වනවිට එහි ප්‍රචාරක පටයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙමින් පවතින අතර, චිත්‍රපටය අගෝස්තු 02 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.