සල්මාන්ට සාර්ථක? අසාර්ථක? වසරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-03-ent-80

බොලිවුඩයේ කිරුළ නොපළන් රජුන් ලෙස සැලකෙන සල්මාන්ට ගෙවුණු වසරේ සාර්ථක මෙන්ම අසාර්ථක වසරක් ද විය. ඔහු ගෙවුණු වසරේ රඟපෑ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය ආදායම් උපයාගැනීම අතින් අසාර්ථක වූ අතර, සල්මාන් ඛාන්ට ඉන් පාඩු වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 30ක් බව සඳහන්. කෙසේ වෙතත්, වසර අවසානයේ නැවතත් ඔහු අතිසාර්ථක නළුවෙකු බවට පත් වූයේ ඔහු රඟපෑ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් උපයා ගැනීමත් සමගය. එය සල්මාන් ඛාන් මීට පෙර ඟපෑ ‘බජිරංගි බහිජාන්’ හා ‘සුල්තාන්’ චිත්‍රපටවලට පසුව ඉන්දියාවේදී පමණක් වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටය බවට පත්විය.