සල්මාන්ට විදෙස් ගත වීමට අවසර
ජෝද්පූර්හි සිදුවිම මත පසුගියදා සිරභාරයට ගත් සල්මාන් ඛාන් මේ වනවිට ඇප පිට නිදහස් වී සිටියි. ඇප ලබාදීමේදී ඔහුට විදෙස් ගත වීමට තහනම් කළ අතර, නැවතත් සල්මාන් පාර්ශවයේ නීතිඥයින් කළ ඉල්ලීමකට අනුව ජෝදාපූර් අධිකරණය විසින් සල්මාන්ට විදෙස් ගත වීමට අවසර ලබාදී තිබෙන බව සඳහන් වේ.
පසුගියදා ඔහු රං‘ගන ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ චිත්‍රපටයේ රූපගත කිරිම් අවසන් වුවද ඉදිරි කාලය සල්මාන්ට දැඩි ලෙස කාර්යබහුල කාලයක් බව ඔහුගේ පෞද්ගලික ලේකම් පවසා ඇත. ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයෙන් පසුව සල්මාන් ඉම්ටියාස් අලීගේ ‘භාරත්’ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා එක්වීමට නියමිතව ඇති අතර, එහි ඔහු ප්‍රියංකා චොප්ර සමගින් රංගනයෙන් දායක වීමට නියමිතව ඇත.