සල්මාන්ගේ මස්සිනත් සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-27-ent-73

සල්මාන්ගේ නැඟණිය අර්පිතා ඛාන්ගේ සැමියා වූ ව්‍යාපාරික අයුෂ් ෂර්මා ලබන වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසීමට නියමිතව ඇත. ඒ ඔහුගේ මස්සිනා වූ සල්මාන් ඛාන් නිෂ්පාදනය කරන ‘ලව්රාති’ චිත්‍රපටය තුළිනි.

මෙය අයුෂ් රංගනයෙන් දායක වන පළමු කලා නිර්මාණය වන අතර, ඔහු මෙහි ගුජරාටි තරුණයෙකු ලෙස පෙනී සිටියි. නිරාන් භාට්ගේ තිර කතාවකට අනුව නිර්මාණය වන මෙම චිත්‍රපටය අභිරාජ් මිනිවාලා අධ්‍යක්ෂණය කරයි. ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලක් යොදා නිර්මාණය කරන්නට සල්මාන් ඛාන් අදහස් කරමින් සිටින අතර, ඔහු පවසන්නේ සිය නිෂ්පාදනයක් වූ ‘හීරෝ’ චිත්‍රපටය මෙන් මෙයද සාර්ථක එකක් වනු ඇති බවය.