සල්මාන්ගේ නිෂ්පාදනයක් වූ 'ලව්යාත්‍රි' අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-16-ent-159

සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ ‘ලව්යාත්‍රි’ චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 05 වැනිදා ප්‍රදර්ශනය විය. තිරගත වු පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 2.5ක මුදලක් උපයා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වූ අතර, පසුගිය සති අන්තය වනවිට එහි උපයා ගැනීම වාර්තා වී තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 16ක මුදලකි.

සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ අභිරාජ් මිනාවලා විසිනි. සල්මාන්ගේ නැඟණිය වූ අර්ෆිතාගේ සැමියා වන අයුෂ්මන් ෂර්මා හා නව නිළි වරීනා හුසෙන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, සල්මාන්, අර්බාස් හා සොහෙල් තිදෙනා මෙහි ආරාධිත රංගනයකද නිරත වෙයි. සල්මාන්ගේ වර්තමාන පෙම්වතිය ලෙස සැළකෙන ලුලියා වැන්තර් මෙහි පසුබිම් ගීත ගායනයෙන්ද සහය විය.