සල්මාන්ගෙන් නැවතත් ආහාර මල්ලක්
‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අසරණ ජනතාව වෙනුවෙන් බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් සිය පෞද්ගලික මුදලින් ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කර ඇත. ඔහු පසුගිය වසරේ අග භාගයේදිද මෙවැනිම ආහාර මල්ලක් දෛනික වැටුප් ලබන අසරණ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබුණී.
සල්මන්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වන රාහුල් කනල් ප්රවෘත්ති සාකච්ඡාවකදි පවසා තිබුණේ සල්මන් ඛාන් මෙවැනි පරිත්‍යාගක් කරන්නට මැදිහත් වූයේ මේ වනවිටත් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ආහාර හිගයක් මතුව තිබීම හේතුවෙන් බවය. එමෙන්ම වෙළෙඳ සැල් පැය හතරක කාලයක් පමණක් ජනයා වෙනුවෙන් විවෘත කර තිබීමද සල්මාන්ගේ කණස්සල්ලයට හේතුවක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවස ඇත.