සල්මාන් වෙනුවට අර්ජූන් කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-169

2005 වසරේ ප්‍රදර්ශනය වූ අනීස් බස්මිගේ ‘නෝ එන්ට්‍රි’ චිත්‍රපටයේ දෙවැන්න මේ වනවිට නිර්මාණය කරන්නට සූදානම් කරමින් සිටින බවට තොරතුරු ලැබේ. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ‘නෝ එන්ට්‍රි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ සල්මාන් ඛාන් මෙම චිත්‍රපටයට එක්වීමට අකමැත්ත පළ කර තිබීමය.

මේ නිසාවෙන් ඔහු වෙනුවට අර්ජූන් කපූර් බස්මි විසින් එක්කර ගෙන ඇති අතර, චිත්‍රපටයේ රූපගත කිරිම් එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත. ‘නෝ ඇන්ට්‍රි මේන් ඇන්ට්‍රි’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය අර්ජූන්ගේ පියා වූ බොනි කපූර් නිෂ්පාදනය කරනු ලබයි. කෙසේ වෙතත්, අර්ජූන් කපූර් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘නමස්තේ එංගලන්ඩ්’ සිය නිෂ්පාදන මුදලවත් සොයා ගැනීමට අපොහොසත් විය.