සල්මාන්, රිතික් ප්‍රධාන චරිත වලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-17-ent-115

2005 වසරේ තිරගත වු බොනි කපූර්ගේ %නෝ එන්ට්‍රි^ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ දිනවල නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. වාර්තාවන අන්දමට මෙහි ප්‍රධාන චරිතය සුපුරුදු පරිදි ලැබි ඇත්තේ %නෝ එන්ට්‍රි^ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ සල්මාන් ඛාන්ටය. සල්මාන්ට අමතරව තවත් සුපිරි බොලිවුඩ් නළුවෙකු වු රිතික් රෝෂන්ද මෙම අලුතින් නිර්මාණය කරන %නෝ එන්ට්‍රි^ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට දායක කරගෙන ඇති බව සඳහන් වේ. මුලින් බොනි කපූර් ඇතුළු නිෂ්පාදක මණ්ඩලය යෝජනා වී තිබුණේ සල්මාන් ඛාන් හෝ රිතික් රෝෂන් දෙදෙනාගෙන් කෙනෙකු මෙහි ප්‍රධාන චරිතය සඳහා තෝරා ගැනීමටය.

නමුත්, පසුව ඔවුන් සල්මාන් හා රිතික් දෙදෙනා ප්‍රධාන චරිත සඳහා තෝරා ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති බව සඳහන් වේ. ඔවුන් දෙදෙනා බොලිවුඩ් චිත්‍රපටය පෙනි සිටින පළමු අවස්ථාව මෙය වීමද විශේෂිත සිදුවිමකි.