සල්මාන්, ප්රියංකා පෙම්වතුන් ලෙස යළි එකට
‘භාරත්’ චිත්රපටයට සම්බන්ධ නොවීම හේතුවෙන් පසුගිය දිනවලදී සල්මාන් ඛාන් හා ප්රියංකා චොප්රා විරසකව සිටියද ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වෙන චිත්රපටයක වැඩ කටයුතු තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ සංජය ලීලා බන්සාලි විසින් නිර්මාණය කරන ඔහුගේ අලුත්ම චිත්රපටය සඳහාය.
සල්මාන් හා ප්රියංකා මීට පෙර සිනමා පෙම්වතුන් ලෙස චිත්රපට ත්රිත්වයක පෙනී සිට ඇති අතර, ‘මුජ්සේ ෂාදි කරෝගී’ චිත්රපටය ඒ අතරින් ඉහළ ජනප්රියත්වයක් ලැබීය. වාර්තාවන අන්දමට 1999 වසරේදී බන්සාලි විසින් නිර්මාණය කළ ‘හම් දිල් දේ චුකේ සනම්’ චිත්රපටය මෙන්ම ආදරබර කතා තේමවක් සල්මාන් හා ප්රියංකා පෙනී සිටින චිත්රපටයේද ඇතුලත්ව ඇති බවය.