සල්මාන් නැවතත් පොලිස් චරිතයකට පණ පොවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මැයි මාසයේ තිරගත වීමට නියමිතව තිබු සල්මාන් ඛාන්ගේ ‘රාධේ’ චිත්‍රපටය මේ වනවිට දින නියමයක් නොමැතිව ප්‍රදර්ශනය කිරිම අත්හිටුවා ඇතැයි බොලිවුඩ් සිනමා තොරතුරු වාර්තා කර සිටියි. මේ නිසාම සල්මාන් ඛාන් සිය ඉදිරි චිත්‍රපට  කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇති අතර, ඒ පිළිබඳව තොරතුරු කිහිපයක් මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ වාර්තා වෙමින් පවතියි.

සල්මාන් හා ඔහුගේ මස්සිනා වන ආයුෂ් ෂර්මා දෙදෙනා පෙනි සිටින චිත්‍රපටයේ වැඩ කටයුතු තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට සූදානම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. මෙම චිත්‍රපටය මීට පෙර ‘මරාති’ බසින් නිර්මාණය වූ චිත්‍රපටයක අනු නිර්මාණයක් බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, සල්මාන් ඛාන් මෙහි පොලිස් නිලධාරියෙකුට පණ පොවන අතර, ඔහුගේ මස්සිනා වූ ආයුෂ් මැර කල්ලියක නායකයෙකු ලෙස පෙනි සිටියි.

2020421Salman-1