සල්මාන් 'දස් කා ඩම්' සමග නැවතත්
ජනප්‍රිය ඉන්දීය සැටලයිට් රූපවාහිනි නාලිකාවක් වූ ‘සේට් සෝනි’හි විකාශය වූ ‘දස් කා ඩම්’ රියලටි වැඩසටහනේ තුන්වැනි අදියරය ඉදිරි දිනකදී ආරම්භ වීමට නියමිතව ඇත. මෙවරද එම වැඩසටහන මෙහෙයවීමේ කාර්යය පැවරි ඇත්තේ සුපිරි නළු සල්මාන් ඛාන්ටය. ජනප්‍රිය පුද්ගලයන් සමග කෙරෙන මෙම වැඩසටහ කොටස් 20කින් සමන්විත බව සඳහන් වේ.
සල්මාන්ට මෙම කොටස් 20ක වැඩසටහන සඳහා ‘සේට් සෝනි’ නාලිකාව විසින් ගෙවන්නට එකඟ වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 78ක මුදලක් බව සඳහන් වේ. සල්මාන් රඟන ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් නිමාවත් සමග මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව ‘සේට් සෝනි’ නාලිකාව පවසා ඇත.