සල්මාන් ‘ඩියොල්’ පවුලට කළගුණ සළකයි
අගෝස්තු 31 වැනිදින බොලිවුඩයට සමානව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ‘යම්ලා පග්ලා දිවානා - ෆිර් සේ’ චිත්‍රපටයේ ආරාධිත රංගනයක් සඳහා සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් එක්ව ඇත. එය සල්මාන්, ඩියොල් පවුල වෙනුවෙන් කළ කළගුණ සැළකීමක් ලෙස බොහෝ අන්තර්ජාල වෙබ් අඩවී පෙන්වා දී තිබේ.
සල්මාන් ඛාන් රපෑ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට බොබි ඩියොල් සහභාගි වූ නිසාවෙන් එයට ප්‍රතිඋපකාරයක් වශයෙන් සල්මාන් ඛාන් ඩියොල් පවුලේ නිෂ්පාදනයක් වූ නියමිත ‘යම්ලා පග්ලා දිවානා - ෆිර් සේ’ චිත්‍රපටයට එක්වූ බව සඳහන් වේ.
සල්මාන්ට අමතරව, සොනක්ෂි සින්හා, රේඛාද මෙහි ආරාධිත රංගනයක එක්ව සිටින බවට තොරතුරු වාර්තාවේ. ධර්මේන්ද්‍ර, සනි හා බොබ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ජොනී ලිවර්, ක්‍රිති කාබන්ඩා, සත්රුගත් සින්හාද මෙහි රංගනයෙන් දායක වෙයි.