සල්මාන් - ගෝවින්දා නැවතත්
2007 වසරේ තිරගත වූ ඩේව්ඩ් ධාවන්ගේ ‘පාට්නර්’ චිත්‍රපටයේ දෙවැනි කොටස මේ වනවිට නිර්මාණය කරන්නට සූදානම් කර තිබෙන බව සඳහන් වේ. ‘පාට්නර්’ පළමු චිත්‍රපටයේ රඟපෑ සල්මාන් ඛාන් හා ගෝවින්දා සුපුරුදු පරිදි ‘පාට්නර්’ දෙවැනි චිත්‍රපටය සඳහා සම්බන්ධ කරගෙන තිබෙන අතර, මෙවර ‘පාට්නර්’ දෙවැනි චිත්‍රපටය සල්මාන් සොහොයුරු සොහෙල් ඛාන් අධ්‍යක්ෂණය කරන්නට බලාපොරොත්තුවෙන් සිටියි.
කෙසේ වෙතත්, දැනට මෙම චිත්‍රපටය සඳහා සල්මාන් හා ගෝවින්දා පමණක් තෝරා ගෙන තිබෙන අතර, ඔවුන් සමගින් රංගනයෙන් දායක වන නිළියන් පිළිබඳව නිෂ්චිත වශයෙන් තොරතුරු මේ වනවිට ලබාදී නොමැති බව සඳහන් වේ. කෙසේ වෙතත්, ජනප්‍රිය යොවුන් සිනමා නිළියන් වූ ක්‍රිති ෂැනොන් හා ඉලේනා ඩී ක_ස්ගේ නම් මේ සඳහා යෝජනා වී ඇතැයි නිල නොළත් වාර්තා සඳහන් කර සිටියි. ‘පාට්නර්’ පලමු චිත්‍රපටයේ සල්මාන් හා ගෝවින්දා සමගින් කතිනා හා ලාරා දත්තා රංගනයෙන් දායක විය.