සල්මාන් ගැන ලුලීයා කළ වර්ණාව
වසර ගණනාවක් තිස්සේ පෞද්ගලිකව ඇසුරු කරන රුමේනියනු මෝස්තර නිරූපිකා ලුලීයා වැන්තර් මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ ඊ ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් විය. එහිදි සංවාදයට එක්වූ මාධ්‍යවේදිනිය සල්මන් ඛාන් ගැන විමසු අවස්ථාව ලුලීයා පවසා තිබුණේ ඔහු තම රැකියාවට තරම් වෙනත් කිසිදු කාර්යයක් සඳහා උනන්ඳුවක් නොදක්වන බවය.
ඇත්තටම සල්මාන් මගේ හොඳ මිතුරෙක්. මා ඔහු ගැන අනෙකුත් අයට වඩා හොඳින් දන්නවා. ඔහු සිය ජීවිතේ මුල්තැන දෙන්නේ රැකියාවට. කොතරම් පෞද්ගලික වැඩ කටයුතු තිබුණත් ඔහු ඒවා දමන්නේ දෙවැනි තැනටය. මම වරක් ඔහුට කිව්වා මේ රැකියාව අත්හැර වෙනත් දෙයක් තෝරා ගන්නා ලෙස. නමුත්, ඔහුගේ තිරණය වුණේ මා වටා ආදරණිය මිනිස්සු කොටසක් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් ම මියෙනතුරා රඟපාන බවයි.